එළැඹෙන සිකුරාදා (15) දිනයේදී උතුරු හා නැගෙනහිර පළාත් වල හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව ඉලංගෛ තමිල් අරසුකච්චි පක්ෂය (ITAK) පවසයි.
මෙම හර්තාල් ව්‍යාපාරය සිදුකෙරෙන්නේ මුලතිව් ඔඩ්ඩුසාන් මුත්තියාන්කට්ටු වැවෙන් මළසිරුරක් හමුවීමේ සිද්ධියෙන් පසුවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ITAK පක්ෂය පවසා ඇත්තේ පසුගිය 07දා ශ්‍රී ලංකා යුද හමුදාවේ 63 වැනි සේනාංකයේ කඳවුර වෙත පැමිණෙන ලෙස පුද්ගලයන් පස්දෙනෙකු හට දන්වා ඇතැයි මේ වන විට හෙළිදරව් වී ඇති බවත්, ඔවුන්ට සොල්දාදුවන් විසින් තදබල ලෙස පහරදී ඇති බවත්ය.
මොවුන් අතර සිටි කපිල්රාජ් නැමැත්තා අතුරුදහන් වී ඇති අතර, පසුව මුත්තියාන්කට්ටු වැවෙන් ඔහුගේ මළසිරුර හමුවී ඇති බවත් එම ලිපියේ දැක්වේ.
සිද්ධිය පිළිබඳ විධිමත් හා කිසිඳු බලපෑමකින් තොරව පරීක්ෂණයක් සිදු කර යුක්තිය ඉටු කරන ලෙසත්, උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල අනවශ්‍ය හමූදා රැඳවීම් ඉවත් කරන ලෙසත් ITAK පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
තවද, ‘මේ දක්වා සිදුවෙමින් පවතින හමුදා කෲරත්වයට’ එරෙහිව අගෝස්තු 15වැනිදා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සිය පක්ෂය කටයුතු කර ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

