Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 32කට පසු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික තරුණ සමුළුව

1 year ago

ජාතික තරුණ සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වේ.

ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබේ.

මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වෙන්නේ වසර 32කට පසුව බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළා.

මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට වැඩි පිරිසක් සහභාගීවීමට නියමිතව පැවති අතර එහිදී යෞවන සමාජ සඳහා නව නිලධාරී මණ්ඩලයක් හඳුන්වා දීමද සිදු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.