බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු පෞද්ගලික බස් රථයක ධාවන සටහන් පත්‍රය අත්සන් කර, ධාවන වේලාවක් සකස් කර දීම සඳහා සහ නියමිත ගමන්වාර සියල්ල ලබාදීම සඳහා එක් ගමන් වාරයකට රුපියල් දෙසීයක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යෑමේ දීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
රිය සහයකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.
