පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුවේදී රුපියල් මිලියන 70ක මුදලක් තැන්පත් කළ නිමල් පෙරේරා නම් පුද්ගලයෙකුගේ නමට ඇති බැංකු ගිණුම් දෙකක් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මියට දැනුම් දුන්නා.
රුපියල් මිලියන 70ක මුදල, රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ඉන්දියානු ‘ක්‍රිෂ්’ සමාගමෙන් ලැබුණු බවට කරුණු වාර්තා කර තිබුණා.
එම මුදල් ඩබ්ලිව්.ඩී. නිමල් එච් පෙරේරා විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ගිණුම් දෙකක තැන්පත් කර ඇති බව අනාවරණය වුණා.
මෙම ගිණුම් යොදා ගනිමින් විදේශිය පුද්ගලයන් සමග සැක කටයුතු මුදල් ගනුදෙනු සිදු කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.
එලෙස මුදල් ලබාගත් පුද්ගලයන් සහ ලබාදුන් පුද්ගලයන් කවුදැයි විමර්ශන කිරීමට නියමිතයි.
ගිණුම් හිමියා වන නිමල් පෙරේරා විසින් මෙම තැන්පතු සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් ලබා දීමට අපොහොසත් වී ඇති බවද වාර්තා කර තිබුණා.
සැකකරුවන් හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනතුරු විමර්ශන ගොනුව විවෘතව තබන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් වහාම හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
ඒ අනුව ඉල්ලු පරිදි එම විමර්ශන ගොනුව විවෘතව තබන ලෙස නියෝග කළා.
