Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිළධාරීන්ට වැඩ වරදී

1 year ago

සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට නිවැරදි නොවන තොරතුරු ලබා දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු  සඳහන් කළේ, අගමැතිනියගෙන් විමසන ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දීමේදී, නිවැරදි සංඛ්‍යා දත්ත සමග එම පිළිතුරු සකස් කිරීම අදාළ නිළධාරීන්ගෙන් වගකීමක් බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා :

“ අගමැතිතුමියට ලබාදීපු තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳව අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් යනවා, මොකද අගමැතිට උත්තරයක් දෙන්න දුන්නහම, ඒ උත්තරයට අදාළ සංඛ්‍යා ලේඛන තොරතුරු නිවැරදිව ලබා දීම ඒ නිලධාරින්ගේ වගකීමක්. ඉතින් ඒක නිවැරදි නොවීම ඇතුලේ විශේෂයෙන්ම මේ ගැන සාකච්ඡා වෙනවා. පහුවදා දවසෙ  තියෙන ආර්ථිකය සම්බන්ධ විවාදයේදී මේ ගැනකරන  කරුණු පැහැදිලි කිරීමක් තමයි මම විසිනුත් කරන්නේ. අපේ වගකීම තමයි ජනතාවට නිවැරදි තොරතුරු ලබාදෙන එක. අපි ගැහුවේ එක ගලයි, දැන් හතරවටේ කට්ටිය  දුවනවා”