Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක කුසලානය අත ළඟ තිබියදී ටොම් මූඩි ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි

4 years ago

ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශය මත 2021 වසරේදී ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබිණි.

ලංකාව ආසියානු කුසලාන ජයග්‍රහණය කොට තිබියදී සහ ‌20-20 ලෝක කුසලාන අත ළග තිබියදී මෙසේ ටොම් මූඩි ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්වීම විමතියට කරුණක් වී තිබේ.