Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති පියසේන ගමගේගෙන් ඉන්ධන පිරවුම්හලක් සහ ඉඩම් ඇතුළු දේපොල කිහිපයක් සම්බන්ධයෙන් සී.අයි.ඩිය පැය 05ක් ප්‍රශ්න කරයි

1 year ago

ආදායමට වඩා වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය දීර්ඝ ලෙස අද (13) ප්‍රශ්න කර තිබෙනවා.

පැය 05ක පමණ කාලයක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ප්‍රශ්න කිරීමේදී පියසේන ගමගේට ඇති ආදායම් සහ වත්කම් සම්බන්ධයෙන් වූ වාර්තා ද ලබාගෙන තිබෙනවා.

විමර්ශනයට ලක්වන්නේ ඔහුට අයත්ව ඇතැයි පැවසෙන ඉන්ධන පිරවුම්හලක් සහ ඉඩම් ඇතුළු දේපොල කිහිපයක් සම්බන්ධයෙන්.

එම දේපොල ඔහු නමින් නොමැති වූවත් එහි සැබෑ හිමිකරු පියසේන ගමගේ බවට ලැබී ඇති පැමිණිල්ලක් මුල්කරගෙයි මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ.