Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කණ්ඩලම හැඩකළ හැඩකාරයා අවසන් ගමන් යයි

1 year ago

මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි ‘කණ්ඩලමේ හැඩකාරයා’ වනඅලියා ඊයේ (13) පස්වරුවේ මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 25 -30 අතර පසු වූ මෙම වන අලියා ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුවා.

අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි සත්වයෙක්.

මීට වසරකට පමණ පෙරද වෙඩිප්‍රහාරයක් එල්ල වී ඉන් ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියදී යළිත් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටියේය.