Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හංවැල්ලේ වෙඩි තැබීමක්

1 year ago

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රී සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ තුන්නාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.