Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

1 year ago

ත්‍රිකුණාමලය මූතූර් නගර් හී ගොවි ජනතාව අද (14) දහවල් ඔවුන්ගේ ඉඩම් ගැටලු වලට විසඳුම් දෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත විය.

මෙම උද්ඝෝෂණය ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර ඔවුන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ඉඩම් ගැටලූ විසඳා ලෙස දෙන ලෙසයි.

මෙම විරෝධතාවට සහභාගී වූ වසන්ත මුදලිගේ සහ ලහිරු වීරසේකර පොලිස් නිලධාරියෙකු සමඟ උණුසුම් සංවාදයක ද නිරත වූ අතර එහිදී වසන්ත මුදලිගේ කියා සිටියේ, සති දෙකකට පෙර මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් බලධාරීන් විසඳුමක් ලබා දීමට අපොහොසත් වූ හෙයින් මෙම විරෝධතාව පවත්වන බවයි.