Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිද නිධානයක් කඩද්දී අල්ලයි

1 year ago

ශ්‍රාවස්තිපුර,තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක ගල්තලාවක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිද ඇතුළු පුද්ගලයන් 8දෙනකු අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට පත්ව ඇති බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.

මොවුන් බදුල්ල, මාලිගාතැන්න, පදවි-ශ්‍රීපුර, ගිරාදුරුකෝට්ටේ, වරකාපොල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 58 ත් අතර පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සත් දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල රත්තරං දේවාලය ආසන්නයේ පිහිටි ඉඩමක මෙම පිරිස නිදන් හෑරීම සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.

නිදන් හැරිම සදහා ඔවුන් විසින් භාවිතා කළ උදළු, අලවංගු, යකඩ ඉනි වැනි ආයුධ කිහිපයක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.