ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වතු නිවාස පිළිසකර කිරීමේ වැඩසටහනක් ආරම්භ වුණා.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයයි මෙය සංවිධාන කර තිබෙන්නේ.
ඒ සොදුරු නිවසක් විකසිත පවුලක් යන තේමාවෙන්. වැඩසටහන පැවැත්වුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාස්සගල අංක එක කොටසේයි.
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා.
