ධීවර ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ‘සයුර’ විශේෂ ජීවිත රක්ෂණ ක්‍රමය ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) කුඩාවැල්ලේදී එළිදැක්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සිය ප්‍රධාන දේශනයේදී, අවදානම් සහිත ධීවර ජීවිතයට රක්ෂණයක් නොමැතිව දිවි ගෙවීමේ අභියෝගය පෙන්වා දුන් අතර වත්මන් රජය 2019 ජනාධිපතිවරණ සමයේදී ධීවර ජනතාවට ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූ ජීවිත රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙලෙස යථාර්ථයක් වූ බව ද අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම්බන්ධීකරණ කමිටු සභාපති නිහාල් ගලප්පත්ති, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙන්රත්, කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ධීවර ප්‍රජාව සහභාගීව සිටියා.
