දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා සති අන්තයේ ධාවනය වන Ella weekend Express නම් දුම්රිය අද (16) සිට ධාවනයට එක් කළා.
අද(16) දින සිට සෑම සෙනසුරාදාවකම පෙරවරු 5.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ හෙට (17) දින සිට සෑම ඉරිදාවකම පස්වරු 1.45 ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
කොළඹ සිට බදුල්ල දක්වා ස්වභාව සෞන්දර්ය විද ගනිමින් දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන නිසා මෙම දුම්රිය ධාවනයට එක් කළ බව පවසනවා.
