තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබෙනවා.
මේ බව සඳහන් කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර විසින් ඊයේ (15) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ ඉල්ලීම් 19 ක් මුල්කරගනිමින් හෙට සිට වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇති පසුබිමකයි.
ඒ අනුව, හෙට පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේත්, මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලුම තැපැල් හා පාලන කාර්යාලවල අදාළ වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
