Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් හොකී අවසන් තරගය යුද පිටියක් බවට පත්වෙයි! පිතිවලින් ගහගෙන ඔළු පලාගෙන ක‍්‍රීඩකයන් රෝහලේ!

1 year ago

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකී අවසන් මහා තරගය, ක්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය හොකී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තීරණාත්මක තරගයට සුදුසුකම් ලබා තිබුණේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයි.

මෙම පහරදීම සඳහා හොකී පිති ද භාවිතා කර ඇති අතර, විද්‍යාර්ථ ක්‍රීඩකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් ක්‍රීඩකයෙකුගේ හිසට මැහුම් යොදා ඇති බව සඳහන් වේ.

විද්‍යාර්ථ විද්‍යාලයේ හොකී පුහුණුකරු ගයාන් ධර්මරත්න මහතා ප්‍රකාශ කළේ, තරගය ආරම්භ වී මිනිත්තු 12කට පමණ පසු විද්‍යාර්ථ කණ්ඩායම විසින් ගෝලයක් ලබාගැනීමත් සමඟ මෙම පහරදීම සිදුව ඇති බවයි.