Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩ පෙන්නන ලංගම ඩිපෝවලට බෝනස්

1 year ago

ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාභ ලබන බස් ඩිපෝ සඳහා ප්‍රසාද දීමනාවක් ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ සඳහා ලාභ උපයන ව්‍යාපාර ආකෘතිය සකස් කර ඇති බව ද ඔහු පැවසීය.

හැටන් ඩිපෝවට පහසුවෙන් ලාභ ලැබිය හැකි නමුත් අනවශ්‍ය ගැටළුකාරී තත්වයන් හේතුවෙන් ඒ සඳහා බාධා එල්ලවන බව ඔහු පෙන්වාදුන්නේය.

ප්‍රසාද දීමනා සෘජුවම ගෙවනු ලබන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයට නොව ලාභ ලබන බස් ඩිපෝවලට පමණක් බව ද අමාත්‍ය බිමල් රත්නායක පැහැදිලි කළේය.