මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලිගත කිරීම් අවසන් කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පද්මප්‍රිය කියා සිටියේ පැය 12කට අධික කාලයකින් පසුව දුම්රිය පීලි ගත කර ඇති බවයි.
කෙසේ වෙතත් දුම්රිය ධාවනය නියමිත කාලසීමාවට අනුව ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ.
මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබුණි.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව තිබුණි.
