Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට පත්වෙයි

1 year ago

මැලේසියාවේ, බුකිත් තම්බුන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පීනෑන්ග් මත්ද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යංශයට ලද බුද්ධි තොරතුරක් මත නිවසක පවත්වා ගෙන යනු ලැබු මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ ස්ථානයේ තිබී හෙරෝයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

සැකකාර ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයින් දෙදෙනා සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ 04 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.