Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලික ආරවුල මරණයෙන් කෙළවර වෙයි! තිදෙනෙක් අත්අඩංගුවට!

1 year ago

දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී කාලයේ තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති අතර පිහියකින් සහ පොලුවලින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව වාර්තා වේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දිවුලපිටිය රෝහට ඇතුළත් කිරීමෙන් පසු, ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන මඩම්පැල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අපරාධය සිදුකළ බව කියන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.