Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුවේ බොරු එළියට ගැනීමේ රාජකාරිය පුටුවේ මන්ත්‍රීවරු තුන්සියයකට පවරයි

1 year ago

වර්තමාන ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කර ජනගත කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තුන්සිය දෙනකුට එම කාර්යය පැවරූ බව ඵම පෙරමුණේ නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවා.

ඊයේ(16) දින පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තුන්සියයකට පැවැත් වු වැඩමුළුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

වර්තමාන ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවත් මේ පිළිබඳව ජනතාව පුළුල් වශයෙන් දැනුවත් කිරීමේ වගකීම සහ පළාත් පාලන ආයතනවලදී ජනතාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.