Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේගයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කල්තියාම නම් කරයි

1 year ago

ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන සන්ධානයේ නායකයින්ට අවධාරණය කර තිබේ.

පසුගිය 14 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදීයි ඔහු ඒ බව කියා ඇත්තේ. ඊට සමඟි ජන සන්ධනයේ සුළු පක්ෂ නායකයින් සහභාගී වී සිටි බවයි මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේ.

එය සජිත් ප්‍රේමදාස මහතාට ඇති අයිතියක් බවත් තමන් ප්‍රමුඛ සුළු පක්ෂ සමඟි ජන සන්ධානයේ මිස සමඟි ජන බලවේගයේ නොවන හෙයින් ඒ පිළිබඳව ඉවසීමෙන් බල සිටින බවද මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.