Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් අබිරහස් මරණයක්! වෙල් යායකින් මළ සිරුරක් හමුවෙයි!

1 year ago

බදුල්ල, කයිලගොඩ වැඩිහිටි නිවාසයට යාබද කුඹුරේ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් අද (18) පෙරවරුවේදී හමුවූ බව බදුල්ල පොලීසිය සඳහන් කරනවා.

කුඹුරේ හිමිකරු දින හතරකින් පසු කුඹුරට පැමිණි බවත් ඒ පැමිණීමේදී මෙම පුද්ගල මළ සිරුර දැක ඇති අතර, පසුව පොලීසිය දැනුවත් කර තිබුණා.

අනතුරුව බදුල්ල පොලීසියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව මූලික විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක පමණ පිරිමි පුද්ගලයෙක් බවට පොලීසිය අනුමාන කරන බවයි වාර්තා වන්නේ.