Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ පාරේ තිබී හමුවූ T-56 ගිනිඅවි තුන ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

1 year ago

මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි තුනක්, බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් නවගමුව පොලීසිය විසින් අද (18) දහවල් සොයාගෙන තිබුණා.

කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ මෙලෙස දමා තිබිය දී සොයාගත් ගිනිඅවි ව්‍යාජ බව පොලීසිය මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා.

එහෙත් එම බෑගයේ තිබී සොයාගත් ටී – 56 මැගසීනය ව්‍යාජ නොවන බව තහවුරු වී තිබෙනවා.

එම ගිනිඅවි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නවගමුව පොලීසිය විසින් සිදුකරනු ලබනවා.