සිය ගැටලු සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බැවින් සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.
කෙසේවෙතත් සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනයේ නිරතවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර පැවසීය.
