Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොර සහනාධාරයටත් QR එයි

1 year ago

රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබා දීමේදී අදාළ ගොවින් වෙත එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බවට සහ එම මූල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කර ගැනීමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා.

එබැවින්, එම පසු විපරම් කාර්යයට ද පහසුකම් සලසමින් ගොවි ජනතාවට පොහොර ලබා දීම වඩා විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා QR කේතයක් හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදා ගැනීමේ යෝග්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවින් කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනා ගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබා දීම සඳහා QR ක්‍රම වේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ඒ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අනුවයි.