Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතිෂ් ගමගේ යළි රිමාන්ඩ් කිරීමට නියෝග

1 year ago

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ, සැප්තැම්බර් 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයන් සහ විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා පොලිසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.