Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

1 year ago

2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලීම් කර ඇති නව දේශපාලන පක්ෂවල සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අදාළව පසුගිය පෙබරවාරි මාසයේදී අයදුම්පත් කැඳවීම සිදු කළ අතර, එහිදී අයදුම්පත් 83 ක් ඉදිරිපත් වුනු බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

එම අයදුම්පත් 83 අතුරින්, අයදුම්පත් 36 ක් මූලික කරුණු පවා සපුරා නොතිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බවද, දේශපාලන පක්ෂ 47 ක් මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.