Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නඩු භාණ්ඩ ලෙස ගෙනා ගෝඩා බැරල් පන්නා යකඩවලට විකුණූ එස් අයි අත්අඩංගුවට

1 year ago

සෙවනගල පොලිස් ස්ථානයේ ගොඩගසා තිබුණු යකඩ බැරල් 27ක් හොර රහසේ පොලිසියෙන් පන්නා අළෙවි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බැරල් නීති විරෝධි මත්පැන් පෙරන ස්ථාන කිහිපයක් වටලා නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන තිබූ බැරල් තොගයක් බව සඳහන්.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා සෙවනගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින නඩු අංශය භාර ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි නිලධාරියා බව පැවසෙයි.

මෙම බැරල් තොගය ඔහු පොලිසියෙන් පන්නා අලෙවිකර ඇත්තේද එම පොලිස් ස්ථානයේම සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරියකගේ සැමියකුට බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිව කොට්ඨාශයභාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ සොරාගත් බැරල් තොගය සෙවනගල ලක්සිරිගම පොලිස් කොස්තාපල්වරිය පදිංචිව සිටින නිවෙස පිහිටි ගෙවත්තේ තිබී සොයාගත් බවයි.