Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලිමංකඩ – උතුර ලුණු ලේවාය නැවත ඇරඹීමට තීරණයක්

1 year ago

උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුධමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ‌ගෙන ඇතත්, එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එබැවින්, කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.