මුල් ඓතිහාසික යුගයට අයත් ඉපැරණි ආරාම සංකීර්ණයක් සහ සෙල්ලිපි සහිත ගල්ලෙන සංකීර්ණයක් වැල්ලවායෙන් සොයාගෙන තිබෙනවා.
වැල්ලවාය අලුගල්ලේ සහ සිරිපුරගම ගම්මානවලට මැදිව පිහිටා ඇති විශාල ගල් පර්වත සහිත කදු ප්‍ර දේශයක මෙම ලෙන් ආරාම සංකීර්ණය පිහිටා තිබෙනවා.
ශ්‍රි ලංකාවේ මුල් ඓතිහාසික යුගය තුළ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ලෙන් ආරාම සකස් කර පුජා කර ඇති බවට ඉතිහාසයේ සදහන් වනවා.
ඒ ආකාරයෙන් පුජා කළ විශාල ලෙන් ආරාම සංකීර්ණයකුයි මෙලෙස සොයාගෙන තිබෙන්නේ.
ඓතිහාසික වටිනාකමකින් යුත් භූමියක් තුළ කටාරම් සහිත ලෙන් / සෙල්ලිපි සහිත ලෙන් / විවිධ කාල වකවානු වලට අදාල සෙල්ලිපි / ගල් පොකුණු / ඉපැරණි ගඩොල් තාක්ෂණය සහ තවත් පුරා විද්‍යා වටිනාකමකින් යුතු තොරතුරු රැසක්ම පැහැදිලිව මෙහි දක්නට ලැබෙනවා.
මුල් ඓතිහාසික යුගයේ සිටි පරුමකවරුන් විසින් මෙම ලෙන් ආරාම සකස් කර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පුජා කර ඇති බවද සෙල්ලිපි වල සදහන් කරුණු වලින් අනාවරණ වි තිබෙනවා.
ශ්‍රි ලංකාවේ ඓතිහාසික වටිනාකම කියාපාන මෙම ස්ථානය දැනටමත් නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක්ව ඇති බැවින් මෙම ස්ථානය රැකගැනිමට ක්‍රියාත්මක විම බලධාරින්ගේ වගකිමක් වනවා.
