බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අඟුණුකොළපැළැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමකදී සයනයිඩ් කුප්පියක් සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ, ‘කුඩු සළිඳු’නමැති මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු වන තරිඳු මධුසංක නමැත්තා සතුව තිබී මෙම සයනයිඩ් සොයාගත් බවයි.
‘කොමාන්ඩෝ කවිෂ්ක කුමාර’ නමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සයනයිඩ් බන්ධනාගාරය තුළට ගෙනවිත් ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයනයිඩ් පරීක්ෂා කිරීම සඳහා,කටුස්සෙක් අල්ලාගෙන එම කටුස්සාට එන්නත් කර ඇති අතර, බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ, කටුස්සා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.
(source – hiru news)
