ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම අද (20) තේරී පත්ව තිබෙනවා.
ඒ ඉදිරි වසර පහ සඳහායි.
සබරගමුව මහ සමන් දේවාලය සඳහා නව බස්නායක නිලමේවරයෙකු තෝරා ගැනීම අද (20) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිනී සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
නව බස්නායක නිලමේවරයෙකු තෝරා ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු 09 දෙනෙකු ද, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා හා උග්ගල් අලුත් නුවර හා අම්මඩුව කුඩා කතරගම දේවාල දෙකේ තාවකාලික භාරකරුවන් දෙදෙනා සුදුසුකම් ලබා තිබුණා.
ඒ අනුව මෙම නිලවරණය සඳහා ඡන්ද හිමියන් දොළොස් දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඉන් එකොළොස් දෙනෙකු අද (20) පැවති නව බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට සහභාගී වුනා.
ඉන් එක් අයෙකු ප්‍රකාශ කළ ඡන්දයක් ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 10ක් ලෙසයි සටහන් වූයේ.
ඒ අනුව වැඩි ඡන්ද ලබා ගත් හිෂාන් සංඛ මාපිටිගම සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ඉදිරි වසර පහ සඳහා තේරී පත්වුණා.
