රුපියල් 70 ක් වටිනා පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කිරීමට එරෙහිව රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ වරාය නගරයේ වෙරළ තීරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට මෙම දඩ මුදල පනවා ඇති බවයි සඳහන් වන්නේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කළ වැටලීමකින් පසුව මෙම නඩුව ගොනු කර තිබූ බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
