පරාටේ නීතිය හේතුවෙන් ගැටළු රැසකට මුහුණපා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක තීරණයකර තිබෙනවා.
අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් රවී කරුණානායක මන්ත්‍රිවරයා කියා සිටියේ එම පනත් කෙටුම්පත සකස්කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කෙරෙමින් පවතින අතර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන බවයි.
පරාටේ නීතිය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපල රැසක් බැංකුවලට සින්නවීමේ අවදානමක් මතුවී ඇති බවත් එසේ වුවහොත් එම ව්‍යාපාර අඩාල වී මෙරට රැකියා ක්ෂේත්‍රයට වාගේම ආර්ථිකයටද එය විශාල බලපෑමක් වියහැකි බැවින් එම අනතුර වැළැක්වීමේ අරමුණින් ඉදිරපත්කරන මෙම පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රවී කරුණානායක මන්ත්‍රිවරයා සඳහන් කරනවා.
මෙරට දළ දේශිය නිෂ්පාදනයට 62% ක් දායක වෙන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බැවින් ඔවුන් රැකගැනීමේ දැඩි වගකීමක් ආණ්ඩුවට පවතින බවත් තමා ඉදිරිපත්කරන පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පතට ආණ්ඩුවේ නිසි අවධානය යොමුවෙතැයි තමා අපේක්ෂා කරන බවද රවී කරුණානායක මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
