Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්

1 year ago

රුසියාව, බටහිර යුක්‍රේනයේ නගර කිහිපයක් වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම වසරේ යුක්‍රේනයට එල්ල වූ විශාලම ප්‍රහාරවලින් එකක් ලෙසයි විදෙස් මාධ්‍ය මෙය හදුන්වා ඇත්තේ.

මෙහිදී එල්ල වූ මිසයිල 40කින් සහ ඩ්‍රෝන ප්‍රහාර 574 කින් පුද්ගලයෙකු මියගොස්, 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇමෙරිකානු ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනය කරන ආයතනයක් ද එහි ඉලක්කය වී ඇති බව සඳහන්.

යුක්‍රේනයේ අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝ ප්‍රකාශ කළේ ඇමෙරිකාව සාමය සදහා මැදිහත් වුවද, රුසියාව ඊට උනන්දුවක් නොමැති බව මෙම ප්‍රහාරයෙන් පෙන්නුම් කරන බවයි.