Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලන්ඩන් සංචාරය ගැන කියන්න හිටපු ජනපති රනිල් අද CIDයට

1 year ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිත ය. 

අද, ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව, හිටපු ජනාධිපතිවරයා ඔහුගේ නීතීඥයන් මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. 

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ, සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා, රජයේ මුදල් රුපියල් ලක්ෂ 170 කට ආසන්න මුදලක් අවභාවිතා කරමින් තවත් දස දෙනෙකු සමඟ ලන්ඩනය බලා පියාසර කිරීමයි. 

මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරියගෙන් මෙන්ම ඔහු ජනාධිපතිව සිටිය දී ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණි.