Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකට අපහාස කළ සැකකරු අධිකරණයේදී සමාව ගනී

1 year ago

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායන මහතා ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එම සිද්ධියේ සැකකරු ඊයේ (21) අධිකරණයේදී ඒ මහතාගෙන් සමාව අයැද තිබෙනවා.

දිසානායක මහතාට සිදුවූ අපහාසය හා අපකීර්තිය සම්බන්ධයෙන් තමා ප්‍රසිද්ධිය මාධ්‍ය ඔස්සේ සමාව අයැද සිටීමට වුවද කැමති බව එම සැකකරු අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරු  බන්ධනාගාරය මඟින් අද (21) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකාර සෝමරත්න දිසානායක මහතා වෙනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ මහතා පෙනී සිටිමින් කියා සිටියේ සැකකාර පුද්ගලයාගේ මෙම ක්‍රියාව තුළින් සෝමරත්න දිසානායක මහතාගේ කීර්තිනාමයට බරපතල හානි සිදුව ඇති බවයි.

‍සැකකරු වරද පිළිගැනීමට සූදානම් වුවත්, තම සේවාදායකයා ඔහුගෙන් වන්දි මුදලක් බලාපොරොත්තු නොවන බව ද නිතීඥවරයා සදහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත මුදා හරිමින් සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි තැපැල් සේවකයෙක්.