Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ මුල් පුටුව කාන්තාවකට

1 year ago

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සහාපති ලෙස මහචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පත් කර තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් අදාළ පත්වීම් ලිපිය අද (22) ප්‍රදානය කිරීම පරිසර අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහචාර්යවරිය ලෙස සේවය කරනු ලබන සෙව්වන්දි මහත්මිය ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියත් (BSc Hons in Zoology), ඉන්දියාවේ WII ආයතනයෙන් වනජීවී සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (PhD in Zoology) ලබා ඇති අයෙක්.

ඇගේ පර්යේෂණ වෙරළබඩ පරිසර පද්ධති, මානව ක්‍රියාකාරකම්වල බලපෑම්, ප්‍රතිපත්ති හා පාලනය සහ වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ සුවිශේෂී වනු ඇත.