Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජකාරියේ නිරතවී සිටි පොලිස් ස්ථානාධිපති වෑන් රථයක ගැටෙයි

1 year ago

විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා වෑන් රථයක ගැටී තිබේ.

කළුතර උතුර පොලීසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රියේ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කිරීමේදී මෙලෙස වැන් රථයක ගැටී ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කලුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.

රිය අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු සහ එම රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.