වන අලීන් බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බදින තුවක්කු හේතුවෙන් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සදහා බදින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට 1992 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබාදීමට හැකියාව පවතියි.
එලෙස තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.
