Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අකිල විරාජ් එළියට දාපු රනිල්ගේ හඬ පටය

1 year ago

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.

අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා එම හඬ පටය මාධ්‍යයට නිකුත් කළා.

එම හඬ පටයේ මෙලෙස සඳහන් විය.

ැ

“මම හැම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ.. මේ පාලනයේ දැන් තමයි සත්‍ය මුහුණ එන්නේ. මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.. මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අකිල විරාජ් කාරියවසම් මහතා,

මෙතුමා තමයි දුෂණ විරෝධි පනත ගෙනාවේ.මෙතුමගේ ගේ ගිනිතිබ්බ වෙලාවේ ආණ්ඩුවෙන් සල්ලි ගත්තේ නැහැ ගේ හදන්න කියලා.ඉතින් අපි අහන්න කැමති මේ රටේ ජනාධිපති කෙනෙක්ට පහසුකම් තිබිය යුතු නැද්ද.ජනාධිපති කෙනෙක් පැය 8 වැඩ මුරයට වැඩ කල යුතුද.අද ඉන්න කෙනාටත් අනාගතයේ ඉන්න ජනාධිපතිවරයාටත් මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවද……