Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයෙක් මරුට

1 year ago

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි.

තුවාල ලද පුද්ගලයා මියගොස් ඇත්තේ කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.

බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.