Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිධන් හාරමින් සිටියදී විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් ඇතුලු පිරිසක් කොටුවෙයි

1 year ago

බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්වැල්ල මාර්ගයේ දොළහේනවත්ත ප්‍රදේශයේ ඉඩමක ඊයේ(23) රාත්‍රියේ නිධන් වස්තු හාරමින් සිටින බවට 119 දුරකථන මධ්‍යස්ථානයට ලද තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඇතුළු පිරිස වැටලීමක් සිදුකර ඇත.

එහිදී සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.

පොලීසිය පැවසුවේ සැකකරුවන් අතර යුද්ධ හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු හා ජ්‍යෙතීෂඥයෙකු සිටින බවයි.