Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ගේ අත්අඩංගුවට ගැනීම ඉන්දීය ප්‍රබල දේශපාලනඥයෙකු දැඩි කණස්සල්ල පළ කරයි

1 year ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් කනස්සල්ල පළ කර තිබෙනවා.

සුළු චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රඳවා තබා ගන්නා බව බැලූ බැල්මට පෙනෙන බව X සටහනක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා රජයට ඉල්ලා සිටින්නේ පළිගැනීමේ දේශපාලනය අත්හැර, ජාතියට දශක ගණනාවක් සේවය කළ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ගෞරවය ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණයක් වන නිසා එයට සම්පූර්ණයෙන්ම ගරු කරන බවයි ඔහු සඳහන් කර තිබෙනවා.