Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් හා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

1 year ago

ජනප්‍රිය රැප් ගායක මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ ව්‍යාජ පිස්තෝලයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20 ක් හා හෑෂ් ග්‍රෑම් 35 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හය දෙනකුගෙන්  පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත  මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක්ද තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් මත් ගතියෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය විම සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම වීඩියෝවේ සැකකාර  රැප් ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වූ බව පොලිසිය පවසවා.

ඊට අවදානය යොමුකළ කහතුඩුව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ එම වීඩියෝවේ සැකකාර 26 හැවිරිදි රැප් ගායකයා ද සිටින බවයි.

ඒ අනුව සැකකරු, ඔහු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, තමන් සිය පරිශීලකයන් පිරිස වැඩිකර ගැනීම සඳහා එලෙස සිදුකළ බවට අනාවරණය කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසි‍ය වැඩිදුර විමර්ශන සිදුකරයි.