Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ගේ නඩුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පැමිණියාද ? බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

1 year ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධිකරණ නඩු විභාගයට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහභාගී වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැහැදිලි කර ඇත්තේ, මෙම වාර්තා පදනම් විරහිත බවයි.

එමෙන්ම, මහ කොමසාරිස් කාර්යාලයේ හෝ මහ කොමසාරිස්වරයාගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා ඔවුන්ගේ නිල ගිණුම් පමණක් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.