Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලස් ලෙස අල්මාරියක් ලබාගත් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට

1 year ago

අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවිදුපුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය කර ඇත.

අදාළ නිලධාරිනිය පැමිණිලිකරුගේ තේක්ක ගස් 18ක් කැපීම සඳහා හිටිගස් බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් 23,500ක් වටිනා අල්මාරියක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

එම අල්මාරිය ලබා ගැනීම සඳහා රුපියල් 23,500 වටිනා මුදල් ගෙවන ලද බිලක් ලබා ගන්නා අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත්  ග්‍රාම නිලධාරිනිය සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.