Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු නාවික හමුදාපති උළුගේතැන්න යළි රිමාන්ඩ්

1 year ago

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු අද (27) නියෝග කලේය.

2010 අගෝස්තු 26 හෝ ඊට ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටි පුද්ගලයකු දෑස් බැඳ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ද නඩුවකට එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගිය ජූලි 28 පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

 ජූලි 30 වනදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී පී ජේ ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 27 දින නැවත නඩුව කැඳවන බවත් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාරයට නියෝග කලේය.

 ඒ අනුව අද (27) හිටපු නාවික හමුදාපති වරයා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අධිකරණය හමුවේ පෙනි සිටියේය.

 මෙහිදි විත්තිය වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නිතිඥ මහේෂ් රුක්ෂාන් ඇතුළු කණ්ඩායමේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේත් කරුණු කෙරෙහි අවධානය යොමුකල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු දැනට ඇප මත මුදාහැර සිටින 1 සිට 9 දක්වා වු සැකකරුවන් හැර 10 සහ 11 වන සැකකරුවන් සැප්තැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කලේය.

 හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මෙම නඩුවේ 11 වන සැකකරු වේ.