Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගිලා බැසීමේ අවදානමක් සහිත බොරැල්ලේ මාර්ගය වසා දැමේ

1 year ago

බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ,  අද (27) දින උදෑසන සිට එහි ඉරිතැලීම් හා ගිලා බැසීමේ අවදානමක් හා අපජලය මාර්ගයට ගලා ඒම හේතුවෙන්.

එම ස්ථානයෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් කොළඹ දෙසට ඇතුළු වන මංතිරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

කොළඹින් පිටවන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවද පොලීසිය පවසනවා.